教育活動
Education

ජපානයේ උසස් පාසැල්පිළිබදව අවබෝධයක් ලබාගනිමු

  • Home
  • 教育活動
  • ජපානයේ උසස් පාසැල්පිළිබදව අවබෝධයක් ලබාගනිමු

言語げんご Language

විදේශිය දරුවන් සහ එම දෙමාපියන් සදහා ජපානයේ කනිෂ්ඨ උසස් පාසැල් වලට ඇතුළත් වීම පිළිබද විස්තර ජපානයේ උසස් පාසැල්පිළිබදව අවබෝධයක් ලබාගනිමු

මෙම වෙබ් අඩවිය,විදේශිය ජාතික දරුවන් සහ එම දෙමාපියන් සදහා,ජපානයේ කනිෂ්ඨ උසස් පාසැල් වලට ඇතුළත් වීම・වෙනත් නගරයකට පදිංචියට පැමිණි විට පාසැලකට අතර මගදී ඇතුළත් වීමේදී,ඒ සදහා විස්තර සපයා දෙන්නෙමු. කනිෂ්ඨ උසස් පාසැල් වලටඇතුළත් වීම සදහා සූදානම් වීම සහ කනිෂ්ඨ උසස් පාසැල් ජිවිතය ගතකිරීම පිළිබදව බහු භාෂාමගින් හදුන්වා දෙනු ලබනවා. තවද,ජපානයේ උසස් පාසල් වලඉගෙනුම ලබන වැඩිහිටි සිසුන්ට සන්මුඛ පරීක්ෂණක් පැවැත්වූ අතර ඒ පිළිබදවද මෙම වෙබ් අඩවියේ සදහන් කර තිබේ

විදේශිය ජාතික දරුවන් සහ එම දෙමාපියන්ට, ගැටලුව වන්නේ ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට අපහසු වීමයි. එම හේතුවෙන් ,චිබා විශ්වවිද්‍යාලයේ ජ්‍යාත්යන්තර අධ්‍යයන අංශයේ ශිෂ්‍යයින් තම පාඩම් මාලාවේ එක් කොටසක් ලෙස,මෙම වෙබ් අඩවිය සකසනු ලැබුවා .කනිෂ්ඨ උසස් පාසැල් වලට අළුතින් යෑමටතීරණය කර ඇති දරුවන්ගේ අපහසුතා සුළුවශයෙන් හෝ අවම කිරීමට අපට උපකාර කළ හැකි නම් අපි එය බෙහෙවින්ම අගය කරමු.

මුදා හැරීමේ දිනය: 2023 පෙබරවාරි 28වන දින

පටුන

1 ජපානයේ පසැල් පිළිබදව හදුන්වා දීම

ජපානයේ පාසැල්

ජපානයේ පසැල් පිලිබදව හදුන්වා  දීම

මූලාශ්‍රය : කතුවරුන් විසින් නිර්මාණය කරන ලදී

  • ජපානයේ පාසැල් "ප්‍රාථමික පාසල", "කනිෂ්ඨ උසස් පාසල" සහ "උසස් පාසල" වශයෙන් සමන්විත වේ.
    උසස් පාසල(Kōtōgakkō) වනඅතර "උසස් පාසල" (Kōkō)ලෙසද හදුන්වනු ලැබේ. ඊට අමතරව "විශ්වවිද්‍යාල"(Daigaku) සහ "වෘත්තීය පාසල්"(Senmon Gakkō) ද ඇත.ප්‍රාථමික පාසල සහ කනිෂ්ඨ උසස් පාසල අනිවාර්ය අධ්‍යාපනය වේ.ජපානයේ පුරවැසි භාවය නොමැතිඅයට මෙය අනිවාර්ය අධ්‍යාපනය නොවේ.
  • ප්‍රාථමික පාසල අවුරුදු 6ක් වන අතර , කනිෂ්ඨ උසස් පාසල අවුරුදු 3න් සමන්විතවේ.
  • ප්‍රාථමික පාසලට දරුවන් ඇතුළත් වන්නේ වයස අවුරුදු 6 යේදී ය. සිසුන්ට වයස අවුරුදු 12දී කනිෂ්ඨ උසස් පාසැලට ඇතුළත් වෙනු ලබනවා.
  • ජපානයේ පාසල අප්‍රේල් මාසයේදී ආරම්භ වී , මාර්තු මාසයේදී අවසන් වේ. ජපානයට පැමිණෙන හෝ ජපානයේ වෙනත් නගරයක සිට අධ්‍යාපන කටයුතු අතරමග පදිංචියට යන සිසුන්ට අප්‍රේල් මාසය හැර වෙනත් ඕනෑම කාළයකදී පාසල් යෑම ආරම්භ කළහැක.
  • Nyūgaku' යනුවෙන් හැදින්වෙන්නේ අප්‍රේල් මාසයේදී පළමු වසර සදහා සිසුන් පාසැලට ඇතුළත් විමයි.
    Tennyūgaku' යනුවෙන් හදුන්වනු ලබන්නේ අප්‍රේල් මාසයේදී පළමු වසරේ සිසුන් පාසලට ඇතුළත් වන කාලසීමාව හැර වෙනත් කලාසිමාවකදී , ජපානය තුළ පාසල් වල ඉගෙනුම ලබන සිසුන් , වසරේ අතරමගදී, ජපානයේ වෙනත් පාසැලකට මාරුවීමයි.
    'Hennyūgaku' යනුවෙන් හදුන්වනු ලබන්නේ , විදේශීය රටක සිට පැමිණෙන සිසුන් , අප්‍රේල් මාසයේදී පළමු වසරේ සිසුන් පාසලට ඇතුළත් වන කාලසීමාව හැර, වසරේ වෙනත් කලාසිමාවකදී ජපානයේ පාසල්වලට.
    ඇතුළත් වීමයි.
  • ආබාධ සහිත දරුවන් වෙනුවෙන්, විශේෂ උපකාර සේවාවන් ලබාගනිමින් අධ්‍යාපානය හැදෑරීම සදහා වූ
    පාසැල් ඇති අතර, මෙම දරුවනන්ට අධ්‍යාපානය හැදෑරීම සදහා (ප්‍රාථමික පාසැලේ, කනිෂ්ඨ උසස් පාසැලේ සහ ජේෂ්ඨ උසස් පාසලේ). වෙන වෙනම පංති කාමර වෙන්කර ඇත.
    විශේෂ අවශ්‍ය තාවයන් ඇති දරුවන් සදහා, ප්‍රාථමික පාසැල් වල සහ කනිෂ්ඨ උසස් පාසැල් වල විශේෂ පංති කාමර පිටුවා ඇත, එම දරුවන්ගේ ආභාධිත භාවය අනුව භාවිතා කළහැකි සම්පත් වලින් සමන්විත පංති කාමර ඇති අතර, ප්‍රධාන වශයෙන් සාමන්‍ය පංතිවලට ඇතුළත් කරනු ලැබේ.

「රාජ්‍ය පාසල්」සහ「පෞද්ගලික පාසල්」

  • ජපානයේ පාසැල්、「රාජ්‍ය පාසල්」සහ「පෞද්ගලික පාසල්」වශයෙන් ඇත. "රාජ්‍ය පාසල්" යනු රජය හෝ කලාපය විසින් පිහිටුවන ලද පාසල් වේ. 「පෞද්ගලික පාසල්」රජය හෝ කලාපයේ සම්භන්ධ යකින් තොරව වෙනත් පුද්ගලයින් සම්භන්ධ වීමෙන් පිහිටවනු ලැබූ පාසැල් වේ.
  • රජයේ ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් පාඩම් මාලා සදහා ගාස්තු අය නොකරන නමුත් පාසල් දිවා ආහාරය සහ පෙළපොත් සඳහා මුදල් අය කරනු ලැබේ කනිෂ්ඨ උසස් පාසැලේ අධ්‍යාපනය ලැබීමේදී සඳහා වැයවන මුදල්
  • පෞද්ගලික පාසල් වලට පාඩම් මාලා සදහා ගාස්තු අය කරනු ලබනවා.

ඔබ පාසැල් වලට ලියාපදිංචි වන්නේකුමන ආකාරයකට ද?

  • ජපන් ජාතිකත්වය ලබා ඇති දරුවන් සිටින පවුල්වලට , පාසලට ඇතුළත් වීමේ වයස සම්පූර්ණ වූ විට රජයේ කාර්යාලයෙන් ඇතුළත් වීමේ දැන්වීම ලිපියක් යවනු ලබනවා.මෙම දැන්වීමේ ලිපිය බොහෝ සෙයින් ඔක්තෝබර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා නිවසට පැමිණේ.
  • ජපන් ජාතිකත්වය නොමැති දරුවන් සිටින පවුල් වෙත මෙම දැනුම් දීමේ ලිපිය නොලැබෙන අවස්ථා ඇත.එම අවස්ථා වලදී ඔබ විසින්ම රජයේ කාර්යාලයට අයදුම් කළ යුතුය. "ඇතුළත් කිරීමේ ක්‍රියා පටිපාටිය
  • ඔබට ප්‍රවේශ වීමේ විභාගයට පෙනිනොසිටියද බොහෝ රජයේ ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල්වලට ඇතුළත් විය හැක. ඔබ පදිංචි වී සිටින ප්‍රදේශයට අනුව ඇතුළත් වන පාසල් තීරණය වේ.
  • උසස් පාසලකට(Kōtōgakō ),උසස් පාසැලකට(kōkō) ඇතුළත් වීම සඳහා ප්‍රවේශ වීමේ විභාගයක් පවත්වනු ලැබේ.

වෙනත්

  • වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින්ට කනිෂ්ඨ උසස් පාසලට ඇතුළත් විය නොහැක.
    වයස අවුරුදු 16 සහ ඊට වඩා වයස වැඩි අයට "සන්ධ්‍යා භාගයේ දී පවත්වනු ලබන කනිෂ්ඨ උසස් පාසලට" ඇතුළත් වියහැකිය.
    ඔබ ප්‍රාථමික පාසලෙන් හෝ කනිෂ්ඨ උසස් පාසලේ අධ්‍යාපනය අවසන් කර (උපාධිය ලබා) නොමැති නම් හෝ ප්‍රමාණවත් තරම් ඉගෙන ගෙන නොමැති නම්, කරුණාකර රජයේ කාර්යාලයෙන් උපදෙස් ලබාගන්න.

මුලාශ්‍රය

▲ පටුන

2 ඇතුළත් වීමේ ක්‍රියා පටිපාටිය ・අවශ්‍ය ලියකියවිලි

ඇතුළත් වීමේ ක්‍රියා පටිපාටිය

  1. රජයේ කාර්යාලයේ දී(නගරසභාව)「වීදේශ රටක සිට පැමිණි බවට ලියාපදිංචිය(Gaikokujin Tōroku) 」සඳහා වූ ක්‍රියා පටිපාටිය සිදුකළ යුතුය.
  2. ඔබට ජපන් පාසලකට ඇතුළත් වීමට අවශ්‍ය බව නගර සභාවට පැවසිය යුතුය.එහිදී「විදේශීය ශිෂ්‍යයෙකු වශයෙන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පතක්」සහ「 පාසලට බඳවා ගැනීමේ මාර්ගෝපදේශයක්」ලැබෙනු ඇත. අයදුම් පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න.
  3. නගරසභාවේ අධ්‍යාපන මණ්ඩලයෙන් ඔබට,「විදේශීය දරුවන් සඳහා පාසලට ඇතුළත් වීමේ අවසර පත්‍රය 」(Gaikokujin jidōseito nyūgaku kyōkasho)
    එවනු ලැබේ.එම ලිපියේ ඔබගේ දරුවට ඇතුළත් වීමට නම් කරන ලද පාසලේ නම සහ ස්ථානය සදහන්කර ඇත.
  4. ඔබගේ දරුවාට නියම කර ඇති පාසලට රැගෙන යන්න. අදාල පාසලට ගොස් පාසලේ ගුරුතුමිය ( විදුහල් පතිනියව )හමුවෙන්න.

※ජපානයේ පාසල්වල දරුවාගේ වයස අනුව ඉගෙනුම ලබන ශ්‍රේණි තීරණය වේ. එය ඔබගේ මව් රට හා සමාන ශ්‍රේණිය නොවිය හැකි අවස්ථා ඇත.

අවශ්‍ය ලිපි ලේඛන

ඔබ නියමිත පාසලට යන විට, ඔබ කලින් පදිංචිව සිටි රටෙහි ඔබට ලැබුණු ලියාපදිංචි සහතිකයක් හෝ දරුවාගේ ළකුණු ලේඛණය වැනි ලියකියවිලි තිබේ නම්, කරුණාකර එමලියකියවිලි පාසලට රැගෙන යන්න.

  • ඔබ මිට පෙර පදිංචිව සිටි රටෙහි පාසල් සම්බන්ධ ලියකියවිලි
  • වීදේශීය දරුවන් සඳහා පාසැලට ඇතුළත් වීමේ අවසර ලද සහතික පත්‍රය

ඔබ ඇතුලත් වීමට යන පාසැලේ ගුරුවරයා( විදුහල් පතිනිය ) සමඟ පහත සදහන් කරුණු පිළිබදව සාකච්ඡා කරන්න.

  • පාසැලට ඇතුළත් වන දරුවාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ නම
  • උපන් දිනය
  • වර්ථමාන ලිපිනය
  • පවුලේ සැලැස්ම
  • ඔබහා සම්භන්ධ වන ආකාරය(හදිසි අවස්ථාවකදී・රැකියා ස්ථානය・පරිවර්තන ආදිය)
  • පාසැලට යන ආකාරය හා පාසැල නිමාවී ගෙදරඑන ආකාරය
  • පානයේ ජිවත්වන කාලසිමාව
  • ඔබපදිංචි වී සිටි රටේදී ලබාගත් අධ්‍යාපන තොරතුරු、එමරටේදී අධ්‍යාපනය ලැබූ වසර(පාසල් අධ්‍යාපනය ලැබූ අවුරුදු ප්‍රමාණය)
  • සෞඛ්‍ය තත්වය
  • සිසුවා සහ පවුලේ අය ජපන් භාෂාව භාවිතා කරන ආකාරය

මුලාශ්‍රය

▲ පටුන

3 කනිෂ්ඨ උසස් පාසලට අවශ්‍ය දෑ

මිලදී ගත යුතු දේ පිළිබඳ උදාහරණයන්

  • මෙහිදී එක උදාහරණයක් හදුන්වා දෙමු.පාසලෙන් පාසලට නීතිරීති වෙනස්වේ.පාසැලට අවශ්‍ය බඩු මිළදීගැනීමට යෑමට පෙර ඔබේ දරුවා ඇතුළත් වීමට නියමිත පාසල පිළිබදව පරීක්ෂා කර බලන්න.
  • ජපන් පාසල්වල හැමෝම එකම ආකාරයේ දේවල් පරිහරණය කරන නිසා ඔබගේ බඩු බාහිරාදිය මත දරුවාගේගේ නම ලියන්න.
  • බොහෝ විට පාසැල් වල අඳින ඇදුම කුමක් දැයි තීරණය කරඇත.
(1)ඇඳුම් පැළඳුම් ආදිය.
පසැල් නිළඇදුම ග්‍රීස්ම ඍතුවේ නිළඇදුම

ග්‍රීස්ම ඍතුවේ නිළඇදුම

  • කනිෂ්ඨ උසස් පාසල් සිසුන් සෑම දිනකම නිල ඇඳුම් අඳිනු ලැබේ
  • නිල ඇඳුම් පාසලෙන් පාසලට වෙනස් වේ.
  • ගිම්හාන ඍතුවේ සහ ශීත ඍතුවේ නිල ඇඳුම් වෙන්වෙන් වශයෙන් තිබේ.ගිම්හාන ඍතුවේ ඇඳුම් ජූනි මාසයේ සිට ඔක්තෝබර් මාස දක්වා, ශීත ඍතුවේ ඇඳුම් ඔක්තෝබර් මාසයේ සිට ජූනි දක්වා අඳිනු ලැබේ.
  • බොහෝ විට පාසල විසින් තීරණය කරන ලද වෙළද සැලෙන් නිල ඇදුම් මිලදී ගනුලබනවා.
ශීත ඍතුවේ නිළඇදුම

ශීත ඍතුවේ නිළඇදුම

බෑගය බෑගය
  • පාසැලට යනවිට බෑගයක් අවශ්‍යවේ.
  • පෙළපොත්(පාඩම් පොත්) සහ ලිවීමේ උපකරණ බෑගයට දැමිය යුතුයි.
ජිම් ඇඳුම (ව්‍යායාම් කිරීමේ) ඇඳුම්)
Taisōfuku
ජිම් ඇඳුම (ව්‍යායාම් කිරීමේ) ඇඳුම්)
  • ශාරීරික අධ්‍යාපන පාඩම් වලදී සිසුන් ඇදුම මරුකරගන්නනා අතර, ජිම් ඇඳුම(ව්‍යායාම් කිරීමේ) ඇඳුම් හෝ ජර්සි අදිනවා.
  • පාසල් යන විට සහ පංතියේ පාඩම්මාලා පවත්වන විට ජිම් ඇඳුම ( ව්‍යායාම් කිරීමේ ඇඳුම් ) ,නිලඇඳුම් හෝ ජර්සි අදින පාසැල් ද ඇත.
සපත්තු සපත්තු
  • පාසැලේදී ගෘහස්ථ සපත්තු(Uwabaki) දැමිය යුතු වේ ජිම් එකේ දී(Taikukan) ජිම් සපත්තු . දැමිය යුතු වේ
  • මෙම කරුණු බොහෝ විට පාසල විසින් තීරණය කරනු ලැබේ.
මේස් 靴下
  • සුදුපාට හෝ, වෙනත් මේස් භාවිතා කිරීම පිළිබදව ඒ ඒ පාසල විසින් තීරණය කර ඇත.
(2) ලිවිමේ දී භාවිතා කරන උපකරණ
(Enpitsubako)පැන්සල් පෙට්ටිය(ලියන උපකරණ දමන දෑ)  
  • ඔබ ලිවීමේදී පරිහරණය කරන උපකරණ සියල්ල පැන්සල් පෙට්ටියට දමන්න.
පැන්සල්, කුරු දමන පැන්සල් (Shāpen)රතු පෑන  
  • වඩා හොදවන්නේ ඝනත්වයෙන් යුතු、HBසහB වර්ගයේ පැන්සල් වර්ග වේ.
  • වැරදි නිවැරදි ලකුණු කිරීම සඳහා රතු පෑනක් අවශ්‍ය වේ.
මකන කෑලි  
  • අකුරු වැරදුන අවස්ථාවකදී පහසුවෙන් මකා දැමිය හැකි මකනකෑල්ලක් තෝරා ගන්න.
අඩිරූල  
  • සරල රේඛාවන් ඇඳීමේදී භාවිතා වේ.ඉරි
අකුරු ලිවීමේදී පොතේ පිටු යටින්තබන ප්ලාස්ටික්ආධාරකය අකුරු ලිවීමේදී පොතේ  පිටු යටින්තබන ප්ලාස්ටික්ආධාරකය
  • සටහන් පොතක ලිවීමේදී භාවිතා වේ.
  • කඩදාසි යට යටින් shitagaki තැබූවිට අකුරු ලිවීමට පහසු වනු ඇත
සටහන් පොත්  
  • එක් එක් විෂය සඳහා සටහන් පොත් මිළදීගන්න.
(3) දිවා ආහාරය( Kyūshoku)

විවිධ කලාපවලට සහ පාසල්වලට අනුව විවිධ භාවිතා කරන දෑ වෙනස් වේ.

කෑම කන ලීකොටුදෙක [chopstick]
  • පෙට්ටියකට දමා ඇති හෂි (Hashi) අවශ්‍යයවේ.
මුඛ ආවරණ (Masuku)
  • පාසැලේ දිවා ආහාරය(Kyūshoku) සූදානම්කිරීමේදී භාවිතා කෙරේ.
(4) වෙනත්
බයිසිකලය
  • ඔබට බයිසිකලයෙන් පාසැලට පැමිණිය හැකිද නැද්ද යන්න , ඔබ ඇතුළත් වන පාසල මත රඳා පවතී.
හෙල්මට් එක හිස්වැසුම්
  • බයිසිකලයක් පැදීමේදී හෙල්මට් එක අවශ්‍යයවේ. වේ.
  • පාසල් වලට අනුව නීතිරීති පනවා ඇත.
පිරිසිදු රෙදි කඩක් (Zokin)
  • ( සුදු රෙදි කඩක්) පාසල පිරිසිදු කිරීම සඳහා භාවිතා කරනු ලැබේ.
  • නව අධ්‍යයන වාරයක් ආරම්භ කිරීමේදී පාසලට රැගෙන යනු ලැබේ.
  • යෙන් 100 යේ කඩවලින් වලින් මිළදී ගත හැක.
(5) පාසැලට රැගෙන යාමට නොහැකි දෑ

ඔබට පාසලට රැගෙන යාමට නොහැකි සමහර දෑ තිබේ.
【උදාහරණයක් ලෙස】

  • දුරකථනයන් ・ස්මාට් ෆෝන්
  • පළදින දේවල් (මුදු, මාල, ආදිය))
  • රසකැවිලි වර්ග (ගම්, කැන්ඩි, ආදිය)
  • ගේම් යන්ත්‍ර

මුලාශ්‍රය

▲ පටුන

4 කනිෂ්ඨ උසස් පාසල සඳහා වැයවන වියදම්

රජයේ කනිෂ්ඨ උසස් පාසැලට ඇතුළත් වීමේ දී සෑම වසරකදීම ඇතුළත් විමේ ගාස්තුව සහ අවශ්‍ය වියදම් පිළිබදව හඳුන්වා දෙමු.

පාසැලට ඇතුළත් වීමේදී සූදානම් වීම සඳහා අවශ්‍ය ගාස්තු (උදාහරණ)

ද්‍රව්‍යය සාමාන්‍ය මිළ (යෙන්)
පසැල් නිළ ඇඳුම් 60,000
ජිම් ඇඳුම්(ව්‍යායාම් කිරීමේ ඇඳුම්) Taisōfuku 15,000
ජිම් සපත්තු, බෑග්, ආදිය. 10,000
  • ශාරීරික අධ්‍යයනය ඉගෙන ගන්නා අවස්ථාවේදී , පිහිනුම් ඇඳුම්, ජූඩෝ ඇඳුම් සදහාද, විෂය භාහිර සංගම්වල ක්‍රියාකාරකම් වලදී භාවිතා කරන උපකරණ සඳහා ද මුදල් වැය විය හැකිය.
  • පරිහරණය කරන ලද බඩු අඩු මිලට මිළදී ගත හැකි අවස්ථා ඇත.
  • ඔබට සෑම දෙයක්ම එකවර මිලදී ගැනීමට අපහසු නම්, කරුණාකර ඔබේ පාසලෙන් හෝ රජයේ කාර්යාලයෙන් (Shiyakusho) විමසන්න.

1 වසරක් සඳහා ගතවනවියදම් (උදාහරණ)

වර්ගය සාමාන්‍යයෙන් වැයවන මිළ (යෙන්)
පාඩම්මාලා ගාස්තු, පෙළපොත් ගාස්තු 0
පාසල් දිවා ආහාර ගාස්තුව (Kyūshoku) 43,000
අතිරේක නිර්දේශ පොත්・ සහ පාසල් උපකරණ ගාස්තු 25,000
PTA සදහා සාමාජික ගාස්තු ආදිය. 17,000
විනෝද චාරිකා ・පාසල් චාරිකා වියදම් 25,000
විෂය භාහිර සංගම් වල ක්‍රියාකාරකම් සඳහා වැයවන ගාස්තු (Bukatsuhyō) 30,000
  • PTA සාමාජික ගාස්තු දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් සඳහා භාවිතා වේ.

ජපානයේ , පාසල් ගාස්තු ගෙවීමට අපහසු පවුල්වලට උපකාර කිරීමේ ක්‍රමවේදයක් තිබේ. කරුණාකර ඔබේ පාසල හෝ රජයේ කාර්යාලය (Shiyakusho) සමඟ සාකච්ඡා කරන්න.

මුලාශ්‍රය

▲ පටුන

5 කනිෂ්ඨ උසස් පාසැලේ වසරක් පිළිබදව හදුනවා දීම

කනිෂ්ඨ උසස් පාසැලේ වසරක් පිළිබදව හදුනවා දීම

මූලාශ්‍රය: කතුවරුන් විසින් නිර්මාණය කරන ලදී

කනිෂ්ඨ උසස් පාසලේ අවුරුද්දක් තුළ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබදව හඳුන්වා දෙමු.
ජපානයේ කනිෂ්ඨ උසස් පාසල , අප්‍රේල් මාසයේදී ආරම්භ වන අතර ඊළඟ වසරේ මාර්තු මාසයේදී අවසන් වේ.
එක වසරක් අධ්‍යයන වාර දෙකක් හෝ වාර තුනකට බෙදෙන අතර එය 「"සෙමෙස්ටර්"」( වාර )ලෙස හැඳින්වේ.
「අධ්‍යයන වාරයක් බෙදන 」ආකාරය පාසලෙන් පාසලට වෙනස් වේ.
පාසැල් වල පවත්වන ලබන වැඩසටහන් වර්ග සහ අන්තර්ගතය පාසලෙන් පාසලට වෙනස් වේ.

පාසලේ පවත්වන ප්‍රධාන අංග (වැඩසටහන්)

  • ඇතුල්වීමේ උත්සවය・ඉහල පංතියට උසස් වීම් (අප්‍රේල් මාසය)
    පංතියේ සිසුන් හැමෝම තමා ඉගෙනගත් විෂයන්ගෙන් ප්‍රධාන කරගත් යමක් (Happyō)පරකාශයට පත්කරනු ලබනවා. අවුරුද්දක කාලයක් පාඩම් ඉගෙනගනු ලබනවා.
    පංතියේ සිසුන් හැමෝම එකිනෙකා එකට එකතුවී . පංතිය සැරසිලි කිරීම, නැටුම් යනාදියේ දේ.
  • ක්‍රීඩා උත්සවය・ව්‍යායෑම්(Taiikusai)
    වසන්ත ඍතුව හෝ සරත් ඍතුවවේ දී ක්‍රීඩා උත්සව පවත්වනු ලබනවා.  ක්‍රීඩා පවත්වා, ඒ සදහා ලකුණු ලබාදෙනවා. සිසුන් ගීත ගායනා කරමින් නටන අතර , විවිධ සංදර්ශන පවත්වනු ලබනවා. තමන්ගේ කාණ්ඩායාමට සහාය දක්වනවා. මෙහිදී සිසුන් තමන්ගේ කණ්ඩායමට ජයග්‍රහණය පතා ඔල්වරසන් හඩ පතුරා කෑගසනු ලබනවා.
  • ග්‍රීස්ම ඍතුවේ නිවාඩුව (අගෝස්තු මාසය)
    දින 30කටආසන්න දීර්ඝ නිවාඩුවකි.මෙම නිවාඩුකාලයේදී සිසුන්ට ගෙදර වැඩ පැවරෙනවා.
  • සංස්කෘතික උත්සවය (Bunkasai)
    පංතියේ සිසුන් හැමෝම එකිනෙකා එකට එකතුවී . පංති කාමරය සැරසිලි කිරීම, නැටුම් සහ නාට්‍ය යනාදි අංගවල යෙදෙමින් සංදර්ශන පවත්වනු ලබනවා.
  • සමූහ ගායන තරඟය
    පංතියේ සියළුම සිසුන්එකට ගායනා කරනුලබේ. මෙම ගීතිකා සදහා ලකුණු ලබාදෙන අතර පංති අතර තරඟ පවත්වනු ලැබේ.
  • පාසල් චාරිකාව
    පාසලේ තුන්වන වසරේ දී බොහෝ විට මෙම චාරිකාවට සහාභාගී වනවා. ඔබට බොහෝ විට ඓතිහාසික ස්ථාන නැරඹීමේදී මිතුරන් අතර සම්භන්ධතා ඇති කරගැනිමට හැකිවේ. නැරබීමට යන ස්ථාන සහ චාරිකාව සදහා වැයවන වියදම් පාසැල් අනුව වෙනස් වේ.
  • උපාධි ප්‍රදානෝත්සවය (මාර්තු)
    තුන්වන වසරේ සිසුන් උපාධිය ලබා ගන්නා දිනයයි (කනිෂ්ඨ උසස් පාසලෙන් අයින්වන දිනය) ලෙස හැදින්විය හැකිය. පළවන වන සහ දෙවන වසර වල සිසුන් ඔවුන්ගේ වැඩිහිටි සිසුන් (තුන්වන වසරේ සිසුන්)ගේඋපාධි උත්සවයේ දී ගීත ගායනා කරමින් ඔවුන්ට සුභපැතුම් එක්කරමින් උපාධි උත්සවය සමරනුලැබේ. බොහෝ දෙනෙක් උසස් පාසැල් වලට ඇතුළත් වෙනවා.
  • වර්ෂයේ අගදී අධ්‍යනයන් අවසන් කිරීමේ උත්සවය (මාර්තු)
    පළවන වසරේ අවසාන දිනයයි.ලකුණු පත්‍රිකාවක් බෙදා හරිනු ලැබේ. කනිෂ්ඨ උසස් පාසලේ දවසක ක්‍රියාකාරකම්
  • වසන්ත ඍතුවේ නිවාඩු සමය
    අධ්‍යනවාර අවසන් කිරීමේ උත්සවයේ සිට අප්‍රේල් මාසයේ පාසල ආරම්භ කිරීමේ පළමු දිනය දක්වා සති දෙකක නිවාඩු කාලයක් ගතකළහැක. අප්‍රේල් මාසයේ සිට සිසුන් ඊලග වසරට ඇතුල් කරනු ලැබේ.

වෙනත් ක්‍රියාකාරකම්

  • සිසුන්ගේ උස සහ බර පරීක්‍ෂා කිරීම (Shintaisokutei )
    සිසුන්ගේ උස, බර සහ ඇස් පෙනීම පිළිබදවපරීක්ෂා කිරීම.
  • වාර්ෂිකව නිතිපතා පවත්වන ලබන පරීක්ෂණය
    වසරකට හතර පස් වතාවක් පරීක්ෂණ (විභාග) පවත්වනු ලබනවා. මෙම විභාගය ඉගෙනුම ලබන ශ්‍රේණියේ ලකුණු තීරණය කරන වැදගත් පරීක්ෂණයකි. විභාග කාලසටහන සතියකට පමණ පෙර ප්‍රකාශයට පත් කෙරේ. කනිෂ්ඨ උසස් පාසලේ දවසක ක්‍රියාකාරකම්
  • දෙමාපියන් දරුවන්ගේ පාඩම්මාලාවට සහභාගී වීම(Jyūgyōsankan)
    පාසලේ පංති කාමරයේ දී දරුවන් ඉගෙනුම ලබන ආකාරය බැලීම සදහා දෙමාපියන් පාසැලට පැමිණෙනවා.
  • තම දරුවාගැන පංතිභාර ගුරුවරයා සමග පෞද්ගලිකව සාකච්ඡාකිරී(Kojinmendan)
    දෙමාපියන් පාසලට පැමිණ පෞද්ගලික් ව පංති භාර ගුරුවරයා හමුවී කථාබහ කරනු ලැබේ. තමාට තියෙන ගැටළු පිළිබදව, විභාග ලකුණු , උසස් පාසැලට ඇතුළත් වීම පිළිබදව සහ එදිනෙදා ජීවිතය ගැන, පන්තිභාර ගුරුවරයා සමග සාකච්ඡා කිරීමේ මහගු අවස්ථාවකි.
  • ස්වභාවික විපත් පිළිබදව පුහුණු ව ලැබීම(Hinankunren)
    ගින්නක් හෝ භූමිකම්පාවක් ඇති වූ විට ඉන් ඉවත්වී බේරෙන ආකාරය පිළිබදව පුහුණු කරවනු ලබනවා.

මුලාශ්‍රය

▲ පටුන

6 කනිෂ්ඨ උසස් පාසලේ දවසකක්‍රියාකාරකම්

කනිෂ්ඨ උසස් පාසලේ දවසකක්‍රියාකාරකම්

කනිෂ්ඨ උසස් පාසලේ දවසකක්‍රියාකාරකම්

මුලාශ්‍රය:日常の疑問を解決「公立中学校の授業時間って何時まで?時間割は?」

පිරිසිදු කිරීම්

  • රෙදි කඩක් (Zokin) (පිරිසිදු කිරීම වලදී බිම පිරිසිදු කරන රෙදි කැබැල්ල)රෙදි කඩක් (Zōkin) (පිරිසිදු කිරීම වලදී බිම පිරිසිදු කරන රෙදි කැබැල්ල)පාසල් වල දිවා ආහාරයෙන් පසු සහ පාසැල් වෙලාව අවසන්වීමෙන් පසු සිසුන් විසින් පිරිසිදු කිරීම් සිදුකරනු ලබනවා. පිරිසිදු කිරීමේදී රෙදි කඩක්(Zōkin) භාවිතා කරනු.ලැබේ අලුත් වාරයක් ආරම්භ වීමේදී  සිසුන් විසින් රෙදි කඩක්(Zōkin) පාසැලට රැගෙන එනු ලැබේ.

දිවා ආහාරය (Kyūshoku)

  • දිවා ආහාරය පංති කාමරයේ දී අනුභව කරනු ලැබේ. රජයේ කනිෂ්ඨ උසස් පාසල්වල ආපනශාලා නැත.
  • 「පාසල් දිවා ආහාර බෙදාදීමේ කණ්ඩායම"」(Kyūshokutōban) සිසුන් සුදු කබායක් වැනි ඒප්‍රොන් එකක් ඇඳගෙන හිසට තොපියක් දමාගෙන පාසල් දිවා ආහාරය බෙදා දෙනු ලැබේ. සති අන්තයේ අදාළ සිසුවා සුදු කබාය ගෙදර ගෙන ගොස් සෝදා සඳුදා උදේ පාසලට ගෙන එනු ලැබේ.
  • පාසැලේදී දිවා ආහාරය නොදෙන දවස් තියෙනවා. එම දිනවලදී 「 දිවා ආහාරය (Obentō)」පාසැලට රැගෙන එන්න ලෙස පෙර දිනවලදී දැනුම් දෙනු ලබනවා.
  • අහාර වල ඇලජික් වීමක් හෝ ආගමික හේතූන් මත ඔබේ දරුවාට ආහාර අනුභව කළ නොහැකි නම්, කරුණාකර ඔබේ පන්ති භාර ගුරුවරයා සමග සාකච්ඡා කරන්න.
  • පාසැලේ දිවා ආහාරය(Kyūshoku) ලබා නොදෙන අතර සිසුන් තම දිවා ආහාරය රැගෙන එන පාසැල්ද ඇත.

ඉගෙන ගත යුතු දේ

  • කනිෂ්ඨ උසස් පාසලේ සිසුන් පහත සඳහන් විෂයයන් නවය අධ්‍යයනය කරනු ලැබේ. එක් එක් විෂය සඳහා ගුරුවරුන් වෙනස් වේ.
  • පාසලට ගෙන ආ යුතු දේ විෂය සහ එහි අන්තර්ගතය අනුව වෙනස් වේ. දිනපතා පංතිභාර ගුරුවරයා විසින් දැනුම් දෙනු ලබන දෑ හොදින් පරීක්ෂා කර පෙර දින සූදානම් කර ගන්න. ඔබ යමක් පාසැලට අවශ්‍ය දෑමිලදී ගන්නා විට, කවදාද කොහේද කියා නොදන්නේ නම්, කරුණාකර ඔබේ පංති භාර ගුරුවරයාගෙන් විමසන්න.
  • විෂයන්ට අනුව පංති කාමරය මාරු කරනු ලැබේ. විවේක කාලයේදී පන්තියට අවශ්‍ය භාණ්ඩ රැගෙන නියමිත පංති කාමරයට යනවා..
විෂය අධ්‍යයනය කළ යුතු දෑ එහි අන්තර්ගතය ・ගෙන ආ යුතු දේ
ජපන් භාෂාව
  • ජපන් භාෂාවට ඇහුම්කන් දීම, කථා කිරීම, කියවීම සහ ලිවීම හරහා, සිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සහ සිතීමට ඇති හැකියාව වර්ධනය කිරීම.
  • පැරණි ජපන් භාෂාව (Kobun)・පැරැණි කන්ජි අක්ෂර (Kanbun) වැනි පැරණි ජපන් භාෂාවද අධ්‍යයනය කරන්නෙමු.
  • පින්සලය භාවිතා කර ජපන් අකුරු කන්ජි අකුරු ලිවිම(Shodō)ද ඉගෙනුම ලබනවා.
    . ජපන් අකුරු ලිවිම සදහා අවශ්‍ය පින්සල් කට්ටලයක්(Sūjisetto) මිලදී ගන්න
ජපන් අකුරු ලිවීමේ භාණ්ඩ කට්ටලය(Sūjisetto) ජපන් අකුරු ලිවීමේ භාණ්ඩ කට්ටලය
ගණිතය
  • සංඛ්‍යා, ගණනය කිරීම්, සංඛ්‍යා, කාර්යයන් සහ ද්‍රව්‍ය භාවිතා කරන ආකාරය.
  • ගණනය කිරීමමේ අකාරය ඔබේ මව් රටේ කරන ආකාරයට වඩා වෙනස් විය හැක.
  • හැඩතල ඉගෙන ගැනීමට සදහා කවකටුව, කෝනමානය, සහ ත්‍රිකෝණ යක් මිළදී ගන්න.
කවකටුවකවකටුව
කෝණමානයකෝණමානය
ත්‍රිකෝණයත්‍රිකෝණය
සමාජ අධ්‍යනය
  • භූගෝලය・ විද්‍යාව,ඉතිහාසය, සමාජය අධ්‍යයනය පිළිබඳව ඉගෙනුම ලබනවා.
  • පුරවැසි අධ්‍යාපනය,දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ඉගෙනුම ලබනවා.
භූගෝලය
  • භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ භූ විද්‍යාව අධ්‍යයනය කරන්න.
  • පරික්ෂණ සහ නිරීක්ෂණ පන්ති කාමරයේ පමණක් නොව විද්‍යා කාමරයේ සහ පාසල් අංගනයේදීද සිදු කළ හැක.
විදේශීය භාෂා (ඉංග්‍රීසි භාෂාව)
  • ඉංග්‍රීසි කියවීම, සවන්දීම, ඉංග්‍රීසි භාෂාව කියවීම, කථා කිරීම සහ ලිවීම වැනි සන්නිවේදන කුසලතා අධ්‍යයනය කරන්න.
  • විදේශ රටවලින් පැමිණි ගුරුවරුන් පාඩම් කියා දෙනු ඇත.
සංගීතය
  • ගීත ගායනා කරන්න, සංගීත භාණ්ඩ වාදනය කරන්න, සහ සංගීතයට සවන් දිම කරනු ලබනවා
  • සංගීත කාමරය භාවිතා කළහැක.
  • රිකෝදා(බටනලාව )හා සාමාන වාදන භාණ්ඩයකි.
රිකෝදාරිකෝදා
චිත්‍ර කලාව
  • චිත්‍ර ඇදීම, කලා නිර්මාණවලට පැසසුම් ප්‍රධානයන් ලබාගැනීමට හැක.
  • තීන්ත කට්ටලයක් සහ කැටයම් කැපීම සදහා වූ පිහියක් මිලදී ගන්න.
චිත්‍ර  ඇදීමේදී භාවිතා කරන බඩු කට්ටලයචිත්‍ර ඇදීමේදී භාවිතා කරන බඩු කට්ටලය
ලී කපන පිහියලී කපන පිහිය
සෞඛ්‍ය සනීපාරක්‍ෂක අධ්‍යයනය
  • ක්‍රීඩා පිටියේ හෝ ව්‍යායාම ශාලාවේ(Taiikukan) ජවනහා පිටිය, මලල ක්‍රීඩා සහ බෝල ක්‍රීඩා වැනි ක්‍රීඩා කරනු ලබනවා.
  • පිරිමි සහ ගැහැණු ළමුන් වෙන්වෙන් වශයෙන්බෙදා පාඩම් මලාපවත්වනු ලබනවා.
  • ජිම් ඇඳුම් අදිනවා. ජිම් ඇඳුම් නිවසට රැගෙන විත් සෝදනු ලබනවා.
  • ගිම්හාන කාලයේ 、තටාකයේ පිහිනනවා.
  • නාන ඇඳුමක්, පිහිනුම් තොප්පියක් සහ ඇස් කණ්ණාඩි මිලදී ගන්න.
  • ආගමික හේතූන් මත ඇඳිය යුතු දේ ගැන ඔබ ප්‍රශ්ණයකට පත්ව සිටී නම්, කරුණාකර ඔබේ ගුරුවරයාගෙන් විමසන්න.
ජිම් ඇඳුම (ව්‍යායාම් කිරීමේ ඇඳුම්) Taisōfukuජිම් ඇඳුම (ව්‍යායාම් කිරීමේ ඇඳුම්) Taisōfuku
නාන ඇඳුමනාන ඇඳුම
පිහිනුම් තොප්පියපිහිනුම් තොප්පිය
ඇස් කණ්ණාඩිඇස් කණ්ණාඩි
ගෘහ විද්‍යාව
  • ඉවුම් පිහුම් පුහුණුව සහ මහන මෙවලම් , මහන මැෂින් භාවිතයෙන් අත්කම් සැරසිලි කිරීම.
  • මැහුම් මෙවලම් කට්ටලයක් මිලදී ගන්න.
  • ඉවුම් පිහුම් පුහුණුවීම් වලදී ඒප්ප්‍රන්, ත්‍රිකෝණාකාර වෙළුම් පටි, මුඛ ආවරණ, සහ රෙදි භාවිතාකරනු ලැබේ.
  • ආසාත්මිකතා හෝ ආගමික හේතූන් මත ඔබට ආහාරයට ගත නොහැකි ආහාර තිබේ නම්, කරුණාකර ඔබේ ගුරුවරයා හමුවන්න.
මැහුම් මෙවලම් කට්ටලයක්මැහුම් මෙවලම් කට්ටලයක්
ඒප්ප්‍රන්ඒප්ප්‍රන්
මුඛ ආවරණමුඛ ආවරණ
රෙදිරෙදි
තාක්‍ෂණ විෂයන්
  • ලී වැඩ සහ විදුලි පරිපථ ගැන ඉගෙන අධ්‍යයනය කරනවා .
  • ලී වැඩ සඳහා අවශ්‍ය මෙවලම් කට්ටල මිළදී ගන්නා පාසැල් ද තිබේ.
  • ඔබ වැරදි ලෙස මෙවලම් භාවිතා කරන්නේ නම් එය ඉතා භයානක ය. ඔබේ ගුරුවරයාගේ පැහැදිලි කිරීමට හොඳින් සවන් දෙන්න.

සාමාන්‍ය වාර විභාග සහ ලකුණු ක ලබාදීම

  • වසරකට හතර පස් වතාවක් සාමාන්‍ය විභාග ( වාර මැද පවත්වන විභාග, වාර අවසාන විභාග ආදිය) ඇත. සැලසුම් කර මෙම විභාග සූදානම් වන්න. මීට අමතරව, වසරකට කිහිප වතාවක් පවත්වනු ලබන හැකියාවන් පරීක්ෂණයක් ද ඇත. හැකියාවන් පරීක්ෂණයේ ප්‍රතිඵල, ඊලග පාසැලට ඇතුළත් වීමේදී වැදගත් වේ. විභාග පරීක්ෂණ ඉතා වැදගත් වේ, එබැවින් පාසැලේ නිවාඩු ලබා නොගන්නා ලෙස කටයුතු කරමු.
  • සෑම අධ්‍යයන වාරයක් අවසානයේම ඔබට ප්‍රගති වාර්ථා(ලකුණු)වාර්තා කාඩ්පතක් ලැබෙනු ඇත. මෙම ළකුණු ① සාමාන්‍ය විභාග, ② දෛනිකව පවත්වන පාඩම් වල තත්වය, ③කුඩා පරීක්ෂණ ④ ගෙදර වැඩ ඉදිරිපත් කිරීම මත ඇගයීමට ලක්‌ කෙරේ. උසස් පාසල් ඇතුළත් කිරීමේදී මෙම ප්‍රථිපල බෙහෙවින්ම වැදගත් වේ.

උදෑසන ක්‍රියාකාරකම්

  • පාඩම්වැඩ ආරම්භ කිරීමට පෙර, ඔබේ පන්ති භාර ගුරුවරයා විසින් පැමිණීම තහවුරු කිරීම සහ දැනුම්දීම් ප්‍රකාශයට පත් කෙරේ. ඊට පසුව කියවීම, අභ්‍යාස සහ කථා වැනි කෙටි ක්‍රියාකාරකම් සිදු කරයි. සමහර අවස්ථා වලදී පාසල් රැස්වීම් පවත්වනු ලබනවා.

පාසැලේ විවේක කාලයන්

  • කනිෂ්ඨ උසස් පාසලේ පාඩම්මලා උගන්වා එක් කාලපරිච්ඡේදයක් අවසන් වූ විට ඊලග කාලපරිච්ඡේදය ආරම්භ කිරීමට දක්වා අතර සිසුන්ට විනාඩි 10 ක විවේකයක් ලැබේ. මෙම විවේකය සෙල්ලම් කිරීම කාලය නොවේ. මෙම කාලයේදී වැසිකිළියට යෑමත්, පාඩම් සදහා සුදානම් වීමත් ,මට, පංතියට සූදානම් වීමට සහ පන්ති කාමර මාරු වීමේ කාලයයි. ඊළඟ පාඩම් මලා ආරම්භ වීමට පෙර ඔබේ අසුනේ වාඩි විය යුතුවේ..
  • ජපානයේ කනිෂ්ඨ උසස් පාසල් වැසිකිලි නිවසේ වැසිකිලියට වඩා හැඩයෙන් වෙනස් විය හැක
  • ජපානයේ වැසිකිලි වල ,පාවිච්චි කරන ලද වැසිකිලි කඩදාසි වැසිකිලි පෝච්චියට දමා සේදී යෑමට සලස්වා ඇත. කාන්තා වැසිකිලියේ පාවිච්චි කරන ලද සනීපාරක්ෂක ද්‍රව්‍ය(සනීපාරක්ෂක තුවා) දැමීමට කුණු බක්කියක් තබා ඇත. සනීපාරක්ෂක තුවා වැසිකිළි පෝච්චියට දමා සෝදා හැරීමෙන් වැලකින්න.

පාසැල අවසන් වී නිවසට යාමට පෙර ක්‍රියාකාරකම්

  • ගුරුවරයාගේ පණිවිඩවලට සවන් දී පසුදින කාලසටහන පරීක්ෂා කරන්න. ඊළඟ දවසේ කාලසටහන සහ පාසැලට රැගෙන ආයුතු බඩු බාහිරාදිය පිළිබඳව, ගුරුවරයා කළු ලෑල්ලේ ලියා ඇති දේ බොහෝ විට තමන් විසින් සටහන් පොතට පිටපත් කරගන්නවා.

මුලාශ්‍රය

▲ පටුන

7 විෂය බාහිර ක්‍රියාකාරකම් පිළිබදව

විෂය බාහිර ක්‍රියාකාරකම්

බොහෝ විට විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා කැමැත්තක් දක්වන සිසුන් පාසලෙන් පසුව සහ නිවාඩු දින වලදී සංගම් භාර ගුරුවරයා සමග ක්‍රියාකාරකම් වල දේ. සිසුන් තමන් කැමති සංගම් වලට ඇතුල් වේ.
සමහර පාසල්වලට මෙම සංගම් වලට ඇතුළත් වීමේදී වගකීම් පනවා ඇති අවස්ථා දඇත. ඔබට එකම ශ්‍රේණියේ සිසුන් සමඟ පමණක් නොව විවිධ ශ්‍රේණිවල සිසුන් සමඟද සහ සම්භන්ධතා පැවැත්වීමේ ක්‍රියා කළ හැකිය. අවශ්‍ය වියදම් සහ මෙවලම් පිලිබදව පරීක්ෂා කර, මෙම විෂය භාහිර සංගම් වලට සම්බන්ධ වීමට පෙර ඔබේ දෙමාපියන් සමඟ සාකච්ඡා කරන්න.

සමහර වෙලාවට සති අන්තයේ සහ උදේ වැඩ කරනවා. ගිම්හාන සහ ශීත නිවාඩු පුහුණු කඳවුරු සහ තරඟ අතරතුර, අපි සමහර විට එක රැයකින් කඳවුරුවල රැඳී සිටිමු සමහර පාසල්වලට මෙම සංගම් වලට ඇතුළත් වීමට අවශ්‍ය විය හැකිය. ඔබට එකම ශ්‍රේණියේ සිසුන් සමඟ පමණක් නොව විවිධ ශ්‍රේණිවල සිසුන් සමඟද අන්තර් ක්‍රියා කළ හැකිය. අවශ්‍ය වියදම් සහ මෙවලම් පරීක්ෂා කරන්න, සංගම්වලට සම්බන්ධ වීමට පෙර ඔබේ දෙමාපියන් සමඟ සාකච්ඡා කරන්න.

විෂය බාහිර ක්‍රියාකාරකම් (සංගම් වර්ග)

සංගීතය සහ ව්‍යායාම (ක්‍රීඩා) වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් විවිධ වර්ග තිබේ. විෂය බාහිර ක්‍රියාකාරකම් වර්ග පාසලට අනුව වෙනස් වේ.

ව්‍යායාම (ක්‍රීඩා)පිළිබද උදාහරණ
බේස්බෝල් සංගමයබේස්බෝල් සංගමය
පාපන්දු සංගමයපාපන්දු සංගමය
බාස්කට්බෝල් සංගමයබාස්කට්බෝල් සංගමය
ජවන හා පිටිය සංගමයජවන හා පිටිය සංගමය
ටෙනිස් සංගමයටෙනිස් සංගමය
බැඩ්මින්ටන් සංගමයබැඩ්මින්ටන් සංගමය
සංස්කෘතික සංගම් (කලා සංගමය) පිළිබද උදාහරණ
කලා සංගමයකලා සංගමය
සංගීත භාණ්ඩ වාදන  සංගමයසංගීත භාණ්ඩ වාදන සංගමය

වියදම පිළිබදව

සංගම් ගාස්තුවක් අවශ්‍ය වේ. ඒ ඒ සංගමයට අනුව අයකරන මුදල වෙනස් වේ. ඔබට ඔබේම මෙවලම් මිලදී ගත හැකිය. සංගීත කණ්ඩායම සඳහා උපකරණ බොහෝ විට පාසලෙන් ණයට ගැනීමේ හැකියාව ඇත,. සංගම් වලට ඇතුල් වීමට පෙර පරීක්ෂා කරන්න.

විෂය බාහිර ක්‍රියාකාරකම් පවත්වන දින පිළිබදව

බොහෝ විට පාසලෙන් පසු විෂය බාහිර ක්‍රියාකාරකම් පවත්වනු ලැබේ. සමහර අවස්ථා වලදී නිවාඩු දිනවලදී සහ උදේ වරුවේ විෂය බාහිර ක්‍රියාකාරකම් පවත්වනු ලැබේ. ගිම්හාන සහ ශීත නිවාඩු පුහුණු කඳවුරු සහ තරඟ පැවැත් වීමේදී සමහර විට එක රැයකික් කදවුරු වල රැඳී සිටින අවස්ථාදස ඇත.

මුලාශ්‍රය

▲ පටුන

8 ප්‍රමාදවීම・නොපැමිණීම පිළිබඳ දැනුම්දීම

පාසල හා සම්බන්ධ වීමේ ක්‍රම, දුරකථනයෙන් හෝ ස්මාර්ට්ෆෝන් එකෙන් අපැලි මගින් සිදුකළ හැකි අතර, මෙයද පාසල අනුව වෙනස් වේ.

1 පාසලට නොපැමිණීම・ප්‍රමාද වන අවස්ථා වලදී

  • ඔබේ දරුවා පාසලට නොපැමිණෙන්නේ නම් හෝ ප්‍රමාද වන්නේ නම්, අනිවාර්යයෙන්ම දෙමාපියන් විසින් දුරකථනයෙන් පාසැලට දැනුම් දීමට මට වග බලා ගතයුතු වේ.එම දිනයේ උදෑසන දෙමාපියන් පාසලට දැනුම් දිය යුතු වේ.
  • විශේෂ කාරණාවකට හැර,අසනිප තත්වයක් නොමැතිනම් ජපානයේ පාසැලට යායුතුවේ.

2 වේලාසනින් පිටත් වීම

  • යම් හේතුවකකින් ඔබට කලින් පාසලෙන් යාමට සිදු වුවද, පාසලට දැනුම් දියයුතු වේ. එම අවස්ථා වලදී දෙමාපියන් විසින් උදේ වරුවේ පාසැලට දැනුම් දියයුතු වේ..
  • පාසැලේදී දරුවට අසනීප වූ විට , පාසැලෙන් දෙමාපියන් වෙත දැනුම් දෙනු ලැබේ.දරුවාගේ අසනිප තත්වය මත , දෙමාපියන්ට දරුවා රැගෙන යෑමට පාසැලට ඒමට සිදුවේ.

3 ශාරීරික අධ්‍යාපනය නිරීක්ෂණය කිරීම

  • සෙම්ප්‍රතිශ්‍යාව හෝ තුවාලයක් වැනි හේතුවක් ඇති විට, ශාරීරික අධ්‍යාපනය කරන පංති බැලීමේ අවස්ථාව ඇත
  • මෙම අවස්ථාවේදී පන්තිභාර ගුරුවරයා ට දැනුම් දියයුතු වේ.

මුලාශ්‍රය

▲ පටුන

9 වැඩිහිටි සිසුන්ගේ හඩින්

අපි ජපානයේ කනිෂ්ඨ උසස් පාසලේ ඉගෙනුම ලබන විදේශ රටවලට සිසුන් 6 දෙනෙකුගෙන්,ඔවුන්ගේ පාසල් ජීවිතය පිළිබදව සමීක්ෂණයක් පැවැත්වූවා. ඔවුන් සියලු දෙනාම එකම ජාතිකයන් වූ අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ජපානයට පැමිණ වසරකටත් අඩු කාලයකි.

පාසලට ඇතුලත් වීමේ කාරණාව, ඔවුන් නිතර භාවිතා කරනු ලබන භාෂාව පිළිබදව

ප්‍රශ්ණය- ඔබකුමන ආකාරයේ හේතුවක් මත ජපානයට පැමිණියාද?
  • මගේ පියා මීට වසර 20 කට පෙර ජපානයට පැමිණියේ ය. මම මාස තුනකට පෙර ජපානයට ආවා.
  • මගේ පියා මීට වසර 30 කට පෙර ජපානයේ සේවය කළ අතර, නැවත වසර දෙකකට පෙර ජපානයට පැමිණියේය.මගේ පවුලේ ඉතිරි සාමාජිකයින් සියලුදෙනාටම වසරක් ඇතුළත ජපානයට පැමිණීමට හැකි වුණා.
  • මගේ පියා ජපානයේ රැකියාවක නිරත වී සිටි අතර, පවුලේ සියළු දෙනාම ජපානයට පදිංචියට පැමිණියා. මට තීරණය කළා. මගේ රට හැර යාම කණගාටුවට කරුණක් වුවද, මම මෙතැන් සිට ජපානයේ ජීවත් වීමට බලාපොරොත්තු වෙමි.
ප්‍රශ්ණය: ප්‍රශ්ණය. පාසලට ඇතුළු වන විට ඔබට කිසියම් කරදරයක් හෝ පැකිලීමක් ඇති වී තිබේද?
  • විශේෂයෙන් කිසිවක් නැත. මගේ පියා පාසලේ නීති රීති සහ ගෙන ආ යුතු දේවල් දැන සිටි අතර, මා වෙනුවෙන් පාසැලට අවශ්‍ය දෑ සූදානම් කර දුන්නා.
  • පාසැලට සූදානම් වීමට මගේ දෙමාපියන් උදව් කළ නිසා මට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.

විස්තර කිරීම
A නගරයේ , පාසලට ඇතුළත් වීමේ සැසියේදී , ඔඅබගේ රටේ පුද්ගලයෙක් කාර්ය මණ්ඩලය සේවකයෙක් වශයෙන් පරිවර්තකයෙකු ලෙස සැසියට සහභාගී වීමට හැකිය, එබැවින් දෙමාපියන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීම්වලට සවන් දිය හැකිය.
පාසැලට ප්‍රවේශ වීමේ තොරතුරු සැසියේ වේලාව සහ ක්‍රම පිළිබදව කලාපය සහ පාසල අනුව වෙනස් වේ. ඔබට යම් අපැහැදිලි ගැටළුවක් ඇත්නම්, කරුණාකර රජයේ කාර්යාලය (Shiyakusho)අමතන්න.

ප්‍රශ්ණය: ඔබ නිතර භාවිතා කරන , කතා කරන භාෂාව කුමක්ද?
  • මගේ මව් භාෂාවයි. මට ජපන් භාෂාව සහ ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවන්.
  • මට ඉංග්‍රීසි, මගේ මව් භාෂාව සහ මගේ උපන් රටෙන් වෙනත් භාෂාවක් කතා කළ හැකිය. මට ජපන් භාෂාවවෙන් ටිකක් කතා කරන්න පුළුවන්. මට චීන භාෂාවත් ටිකක් කතා කරන්න පුළුවන්, නමුත් මගේ තාත්තාට රටවල් පහකම භාෂා කතා කරන්න පුළුවන්.
  • මගේ මව් රටේදී, මම ඉංග්‍රීසි, මගේ මව් භාෂාව සහ මගේ මව් රටේ වෙනත් භාෂාවක් ඉගෙන ගත්තා. කෙසේ වෙතත්, මගේ මව් රටේ වෙනත් භාෂාවන් මට අමාරු වුණා. මිතුරන් හා පවුලේ අය සමඟ කතා කරන විට මගේ මව් භාෂාව භාවිතා කරනවා.
  • මම විද්‍යාව සහ ගණිතය ඉංග්‍රීසි භාෂාවෙන් ද, සමාජ අධ්‍යයනය ඉංග්‍රීසියෙන් සහ මගේ මව් භාෂාවෙන් ද ඉගෙන ගත්තෙමි.

විස්තර කිරීම
ජපන් රජයේ පාසල්වල, සියලුම විෂයයන් ජපන් භාෂාවෙන් උගන්වනු ලැබේ. ඉංග්‍රීසි විෂයයක් ලෙසඉගෙනුම ලබනවා. ඉංග්‍රීසියෙන් ඉගෙනිමට හැකි විෂයයන් නොමැත.

පාසල් ජීවිතය පිළිබදව

ප්‍රශ්ණය: පාසල් ජීවිතයේදී ඔබ සතුටු වන්නේ කුමක්ද?
  • ජපන් භාෂාව ඉගෙනීම. මම ඉංග්‍රීසි, ක්‍රීඩා, චිත්‍ර සහ ගණිතයට කැමතියි, නමුත් මම සංගීතයට කැමති නැහැ.
  • 日本語教室ජපන් පන්තියේ දී ටැබ්ලට් උපාංගයක් භාවිතා කිරීම විනෝදජනකයි. ෆුරිගානා(Hiragana) නොමැතිව කන්ජි කියවීම අපහසුයි.
  • ජපන් පංතිය විනෝදජනකයි. මට ජපන් යාලුවෝ ඉන්නවා, ඒ නිසා මට මගේ පාසල් ජීවිතය ගැන විශේෂ ප්‍රශ්නයක් නැහැ.
  • මම කැමතිම විෂය ඉංග්‍රීසි. මමත් කලාවට සංගීතයට කැමතියි. මම ශාරීරික අධ්‍යාපනයට අකමැතියි. මගේ රටේ ශාරීරික අධ්‍යාපනය පොත් කියවීම පමණයි,ක්‍රීඩා නොකළ නිසා මම ශාරීරික අධ්‍යාපනයට අකමැතියි.

පැහැදිලි කිරීම
A නගරයේ විදේශ රටවල් සමඟ සම්බන්ධතා ඇති බොහෝ සිසුන් සිටින පාසල් වල, ඔවුන්ට වෙනම පංති කාමරයක දී ජපන් භාෂාව ඉගෙනීමට ප්‍රමුඛත්වය දිය ඇත. එම අවස්ථා වලදීද, ශාරීරික අධ්‍යාපනය, සංගීතය, චිත්‍ර සහ ඉංග්‍රීසි තවමත් අනෙකුත් සිසුන් මෙන් එකම පංති කාමරයේ උගන්වනු ලැබේ.

ප්‍රශ්ණය: ඔබ පාසලේ දිවා ආහාරය(Kyūshoku) ලබාගන්නවාද? එසේත් නැතිනම් ඔබ ඔබේම දිවා ආහාරය රැගෙන එනවාද?
  • මමම දිවා ආහාරය රැගෙන එනවා.ඒවගේම මම සිකුරාදා දහවල් යාච්ඤාවට ද යනවා.
  • මම දිවා ආහාරය පාසැලට රැගෙන එනවා. මගේ රටේ හැමෝම දිවා ආහාරය රැගෙන එනවා.
  • මම පාසලේ දිවා ආහාරය(Kyūshoku) හෝ දිවා ආහාරය කන්නේ නැහැ. මගේ මව් රටේ, අපි දවල් 15:00 සිට 16:00 දක්වා දිවා ආහාරය ගන්නා නිසා,දවල් 12.00 මට ටිකක් කලින් වැඩි නිසා අපහසුයි.

පැහැදිලි කිරීම
ජපානයේ බොහෝ රජයේ කනිෂ්ඨ උසස් පාසල් පාසල් දිවා ආහාර(Kyūshoku) පිරිනමයි.
අසාත්මිකතා හෝ ආගමික හේතූන් මත ඔබට ආහාරයට ගත නොහැකි ආහාර තිබේ නම්, කරුණාකර පාසල සමඟ සාකච්ඡා කරන්න

ප්‍රශ්ණය: ඔබ ජපන් භාෂාව කුමන අකාරයකයට ඉගෙනුම ලැබුවාද
  • පාසලේ පංතියේ පාඩම් මාලා පමණි.
  • මගේ පියාට ජපන් භාෂාව කතා කරන්න පුළුවන්, ඒ නිසා මම සමහර වෙලාවට ඔහුගෙන් ඉගෙන ගන්නවා.
  • පංතියේ ඉගෙනීම සහ ස්වයං අධ්‍යයනය. මම ස්ටේෂන් එක ළඟ තියෙන අමතර පංති සදහා සහභාගී වෙනවා. මගේ යාළුවොත් අමතර පන්ති සදහා සහභාගිවෙනවා.. දවසට එක පාරක් දෙන ගෙදර වැඩත් කරනවා.

පැහැදිලි කිරීම
「 ප්‍රදේශයයේ පවත්වන ස්වේච්ඡා ජපන් භාෂා පංති 」 :ඔබට ඔඅබගේ ප්‍රදේශයේ පවත්වනු ලබන ස්වේච්ඡා ජපන් භාෂා පංති 」වලටද හභාගී විය හැකිය. කරුණාකර ඔබේ පාසලෙන් හෝ රජයේ කාර්යාලය සමඟ සාකච්ඡා කරන්න.

ප්‍රශ්ණය: ජපන් භාෂාව කතා කිරීමට නොහැකි නිසා අපහසුවට පත්වුන අවස්ථා තිබේද?
  • විශේෂයෙන් කිසිවක් නැත.ගුරුවරුන් සමග කථා ඉරිමේදී පොකට් යන්ත්‍රය භාවිතා කරනවා. (එකම රටේ )යාළුවන් සමහ කථා ඉරිමේදී මව් භාෂාව භාවිතා කරනවා.
  • කන්ජි අක්‍ෂර අමාරුයි. කියවන්න පුළුවන් නමුත් ලියන්න හැකියාව නැහැ.
  • වෙළදපොළේ දී 、ජපන් භාෂාව කථාකරන්න හැකියාවනැතිනිසා අපහසුවට පත්වූ අවස්ථා තිබුණා.
ප්‍රශ්ණය: ප්‍රශ්නය - ඔබ පාසල් යන්නේ කොහොමද?
  • මම පාපැදියෙන් පාසල් යනවා. බොහෝ බෑවුම් ඇති අතර එය ගොඩක් දුෂ්කරයි .මගේ නිවසේ සිට කනිෂ්ඨ උසස් පාසලට බයිසිකලයෙන් විනාඩි 15 ක් ගතවේ.
  • මම බයිසිකලයෙන් ගමන් කරනවා. මගේ රටේ බොහෝ අය , බස් රථයෙන්, ත්‍රිරෝද රථයෙන්හෝ පයින් පාසල් යනවා.

පැහැදිලි කිරීම
පාසල අනුව , ඔබට බයිසිකලයෙන් ගමන් කිරීමට නොහැකි බව, නැතහොත් බයිසිකල් වර්ගය තීරණය කරඇති, (කඳු පාපැදි සඳහා අවසර නැත, යානාදිය). පාසැලට ඇතුළත් වීමට පෙර ගමනාගමන ක්‍රම පරීක්ෂා කරන්න.

ප්‍රශ්ණය: ඔබගේ මව් රටේ පාසල සහ ජපානයේ පාසල අතර වෙනස කුමක්ද?
  • පිරිසිදු කිරීමක් තිබිණේ නැහැ. මම ජපානයේ පිරිසිදු කිරීමේ කාලයට ඇත්තටම කැමති නැහැ.
  • මිනිත්තු 5කට කලින් පැමිණ, වාඩි විය යුතු බවට නීතියක් තිබුණේ නැත.
  • පාසලට රසකැවිලි රැගෙන යෑමේ හැකියාව තිබුණා.
  • මගේ පාසැල් නිල ඇඳුම සුදුපාට විය. මම ජපානයේ පාසැලේ නිල ඇඳුමට වඩා කැමතියි.
  • විද්‍යා කාමරයක් තිබුණේ නැහැ.

ස්තූතිය
2022 දෙසැම්බර් මාසයේදී, චිබා විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් චිබා ප්‍රාන්තයේ A නගරයේ කනිෂ්ඨ උසස් පාසලකට යෑමට හැකිවුණා. සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට සහ ආචාර්යවරුන්ට ස්තූතිය ප්‍රකාශ කරමු.

▲ පටුන

මුලාශ්‍රය

※මූලාශ්‍රයක් නොමැති රූප සටහන් පහත වෙබ්අඩවි වලින් ලබාගෙන ඇත. ・ප්‍රාථමික පාසල අවුරුදු 6ක් වන අතර , කනිෂ්ඨ උසස් පාසල අවුරුදු 3න් සමන්විතවේ.
イラストレイン
イラストAC

▲ PAGE TOP